tag:blogger.com,1999:blog-32322911938535705512024-03-13T02:06:30.795-07:00කඳුළු කවි සිත්තම් කඳුලෙන් සිත්තම් කරපු මගේ කවි හිත... එන්න.. ඇවිත් විඳ ගන්න ...Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.comBlogger252125tag:blogger.com,1999:blog-3232291193853570551.post-87800768664996352762017-05-10T09:49:00.000-07:002017-05-10T09:49:30.236-07:00~~~ෆැක්ටේරියේ කඳුළු~~~

මැෂිම පාගන කකුල් රිදුනට

එක දිගට පෑගුවේ නැත්නම්

කවර් කරනට බැරිව ටාගට්

පඩිය අඩුවයි අතට එන්නේ...

ලයින් ලීඩර්, හෙළන බැල්මට

පිච්චි පිච්චී වැඩ කරද්දී

කී වතාවක් නම් සිතූවද

ආයෙ කවදද ගෙදර යන්නේ...

එක දිගට පැය දහය දොළහක්

දවස ගාණේ මැසිම පාගා

එක ම හොද්දක් බතක් කාලා

විඳින දුක් කවුරුන් ද දන්නේ...

තාත්තා ඇති පොළොව කොට කොට

කාස්ටක අව්වට ම වේලී

කාසෙ හැදිලත් වගක් නැතුව ම

අම්මා ඇති ලිප ගාව තාමත්...

බඩට වේලක් දෙකක් කාලා

ගමේ හිටි හැටි යළිත් සිහිවේ

මාසෙ පඩිපත අතට අර ගෙන

ගෙදර දුව ගෙන යන්න ඕනේ...

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com0tag:blogger.com,1999:blog-3232291193853570551.post-42303707728380426112017-05-10T09:28:00.000-07:002017-05-10T09:28:05.990-07:00

සොමි කිරණ පැරදි මුදු ගුණෙන සපිරි

තුන් ලොවමැ සිසාරා නුවණ විසිරි

හිරු එළිය සමවැ ලෝ අඳුර දුරැරි

මා සම්බුදු පියාණෙනී....

සිහි කරමි නිබඳ වැඳ පාද කමල

මා ලොවුතුරු පියාණෙනී . ..

මරුසෙන් පරදා - බුදු පදවි ලබා

ලෝ සතට නිවෙන මං කියා දුනී

බරණැසිනි සිහිල් දම් ගඟුල ගලා

තුන් ලොවමැ නිවා සුව සදා දුනී

රාහුලට සේමැ ලෝ සැමට ප්‍රේමෙ පා

ගිනි ගත් හදවත් නිවා දමා

කුසිනාරාවේ සල් රුක් සෙවණෙන්

සඳහම් මෙහෙවර වීය නිමා

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com0tag:blogger.com,1999:blog-3232291193853570551.post-27069805593908804732017-05-09T12:02:00.000-07:002017-05-09T12:02:42.128-07:00අහස් වියන යට .....

ගැබ් බර අඳුරු අහස ම

ඇස් වල කඳුළු ගුලි කර

ඉස්සර අපෙ කතන්දර

තිස්සෙම කියයි මා හට....

වැස්සක හැඩක් නැතුවම

මෙච්චර අඳුර පිරුණම

කොච්චර දුක ද අහසට

තිස්සෙම අසයි මා සිත....

ඇස් වල කඳුළු හංගන

ඒ මත හිනා අන්දන

මෙච්චර අඬන මං ගැන

දුක නෑ නුඹට වෙන් වුණ....Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com0tag:blogger.com,1999:blog-3232291193853570551.post-64263049216686695862015-04-16T12:47:00.001-07:002015-04-16T12:47:21.743-07:00

වසන්තයට පූදින්නට

පෙරුම් පුරන මල් කැකුළක්

පෙමින් හිරු කිරණ විඳිනට

බලා ඉන්නවා..

ලපළු තුරු ලතා සිඹ සිඹ

දුවන සිහිල් මදපවනට

මල් කැකුළ සෙමින් රහසින්

සිතැඟි කියනවා...

වසන්තය ලඟයි, නෑ දුර

ඉදින් ඉවසනුව කැකුළිය

සෙමින් මුමුණමින් මදනල

දුරක ඇදෙනවා...

වසන්තය අරන් හිරු එන

අළුත් නැකතකින් මල්වර

වෙන්නෙමැයි සිතා ඉවසා

පියුම හිඳිනවා...

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com0tag:blogger.com,1999:blog-3232291193853570551.post-88355094280023436462015-04-03T09:10:00.000-07:002015-04-03T09:10:17.292-07:00නුඹ නොදන්න ගොඩක් රහස් හිත මුමුණනවා ..කීරි ගැහෙන මේ පපුවට

සවන් යොමා අහං ඉන්න

හැම හුස්මක් ගානේ නුඹ

නම කියවෙනවා...

නුඹ නොදන්න ගොඩක් රහස්

හිත මුමුණනවා...

කඳුළු පිරිණු මේ ඇස් යට

එක මොහොතක් සැඟව ඉන්න

නුඹේ නමින් ඇස් අද්දර

හීන පිරෙනවා...

කවදාවත් නුඹ නොදකින

පැතුම් මැවෙනවා...

ආලවන්ත පෙම් ගීයක

පද පෙළවී රැඳී ඉන්න

ඔබ නොදන්න කවි සහසක්

හිත ලියැවෙනවා...

ඔබෙ නාමෙන් ඒ පදවැල්

තොල් මුමුණනවා...

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com1tag:blogger.com,1999:blog-3232291193853570551.post-59682431339825914002015-03-08T10:42:00.001-07:002015-03-08T10:42:49.489-07:00~~~ගඟ සහ ගස~~~

ඈත සමනොළ මුදුන සිප ගෙන

රළුපරළු ගල් වල හැපී

සීත උණුහුම සමව විඳ ගෙන

සුවඳ සිඹ මල් වල පිපී

නෑර හැම රහසක්ම දැන ගෙන

හමන මාරුතයෙන් කිපී

පාර සොය සොය සයුර හමුවට

ගලා යන්නේ කිම තෙපී...

පාරවන ගත හිරු ගෙ කිරණින්

එකම එක මොහොතක් මිදී

සිහිල සැනසුම සෙනෙහෙ විඳිමින්

නුරා සුව දැහැනෙන් බැඳී

ඔබේ ඇකයේ ලබැඳි සෙවනේ

නිරාමිස උණුසුම විඳී

අසුරු සැන නිම වීය නොදැනම

සයුර වෙත යමි සිත රිදී...

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com6tag:blogger.com,1999:blog-3232291193853570551.post-12384696979554186832015-03-06T09:47:00.000-08:002015-03-06T09:47:00.489-08:00සත්තකයි ඔය හිතට තාම මං ආදරෙයි...එක පරණ කවි පෙළක නුඹ මෙ'මට ලියපු

ඒ හීන ගුලි වෙලා තිබුණා අප බලපු

එකින් එක මතක් වී පැතුම් පෙර මවපු

අළුත් කඳුළක් ඇදුණි, කොපුලෙ නුඹ සිඹපු

හීනයක් වගේ ඇස් අරිද්දී මැකුණු

කොහේ නුඹ සැඟවුණි ද සොයයි සිත රිඳුණු

තාම සිත හොයනවා සුවඳ පෙර දැනුණු

පිසලන්න යළි ඒ ද කඳුළ ඇස නැඟුණු..

හීනයක් සේ මැකි

ගියත් නුඹ සිතිජයේ

සත්තකයි ඔය හිතට

තාම මං ආදරෙයි...

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com6tag:blogger.com,1999:blog-3232291193853570551.post-35390260608986514652015-03-06T09:44:00.002-08:002015-03-06T09:44:41.349-08:00පාපොච්චාරණය..දහස් ගණන් කවි ලීවත්

නුඹ ගැන මා හිත

ලියූ එකඳු කවියක් වත්

කිසිවෙකු දැක නැත

හැම දෙනාම දකිනු රිසින්

කවි පදයක් ලෙස

නුඹෙ නම මම ලියා තබමි

සීගිරි ගල මත

කාස්සපට පුළුවන් නම්

අඟනුන් රූ සිරි අඳින්න

දුරක් ගෙවා සීගිරි ගොස්

හැකි නම් සිතුවම් බලන්න

හිත තුළ තෙරපෙන සිතුවිලි

බැරි නම් කවියක ලියන්න

කැටපත් පවුරක් කුමට ද

සීගිරියට මට කියන්න...Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com3tag:blogger.com,1999:blog-3232291193853570551.post-11804645944804416212015-03-06T09:38:00.000-08:002015-03-06T09:41:58.154-08:00කඳුළු පිරුණම මගේ ඇස් අග

කඳුළු පිරුණම තමයි ලස්සන

ඔබයි කීවේ මගේ ඇස් අග

ගොඩක් ලස්සන කරන්නද ඇස්

කඳුළු මට දී ගියේ සමු ගෙන

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com1tag:blogger.com,1999:blog-3232291193853570551.post-75180324719955335972015-03-06T09:33:00.003-08:002015-03-06T09:33:57.262-08:00කවියා ගෙ බිරිය (නො)කී කවනමක් නොමැතිව ලියූ නෙක නෙක

කවි ඇතත් කාමරේ හැම තැන

මා නමින් ලී එක කවක් වත්

ඒ ගොඩේ නම් හමු වුණේ නැත

උයන බත් පත රහ ද මන්දා

තේකෙ පැණි රහ මදි ද මන්දා

කිසිත් මට නොකියන සමින්දා

අළුත් කවියක පද ඇහින්දා

බිළිඳු මොර දී හඬන හන්දා

සම වැඳී හුන් දැහැන බින්දා

මදක් ඇසි පිය ගැසු සමින්දා

යළිඳු කවි ලොව සිහින ඇන්දා

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com1tag:blogger.com,1999:blog-3232291193853570551.post-34591136893422414632015-03-06T09:31:00.002-08:002015-03-06T09:31:28.862-08:00ඔබ මගෙයි මාගෙ විතරයි මේ හීන මගෙම හන්දා...ඔබ ඔබේ නොවෙන හින්දා

ඔබ මගේ වෙන්නෙ නෑ

ඒ නමුත් මං නුඹේ මයි

මං මගේ නොවෙන හින්දා...

හඳ අහසෙ දිලෙන හින්දා

එය අයිති අහසටයි

ඒ නමුත් සඳ දියේ නැහැවෙමි

පොළොව සිඹින හින්දා..

මල පිපී වැනෙන හින්දා

එය අයිති නටුවටයි

ඒ නමුත් මල් සුවඳ විඳිනෙමි

සුළඟ ගෙනෙන හින්දා...

රැය දිගුයි සිහිනයක් වී

ඔබ සිතට එබෙන හින්දා

ඔබ මගෙයි මාගෙ විතරයි

මේ හීන මගෙම හන්දා...

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com0tag:blogger.com,1999:blog-3232291193853570551.post-32378806953652659122015-03-06T09:25:00.001-08:002015-03-06T09:27:31.303-08:00කඳුළු ඇයි බර මේ තරම්

කඳුළු ඇයි බර මේ තරම්

ඇහි පිල්ළමට රිදෙනා තරම්

කොපුලත තෙමා - හිත දව දවා

ගිලිහෙන්නෙ ඇයි සිහිලස දෙවා

සුසුම් ඇයි රළු මේ තරම්

සිත සියුම් තැන් පාරන තරම්

හද ස්වර පවා - සුසුමෙන් වෙලා

ගිලිහෙන්නේ ඇයි සිත රිදවලා

ඔබෙන් ලද පෙම මේ තරම්

මට නපුරු කඳුළක් වූ තරම්

මට මා පවා - හිමි නැති කළා

ඔබ මගෙන් හිත ගෙන ඉගිලිලා

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com1tag:blogger.com,1999:blog-3232291193853570551.post-38464941002610697712015-03-06T09:23:00.002-08:002015-03-06T09:28:31.297-08:00පාට නොමැති ආදරයක් සොයා වෙහෙසෙමි...

පාට මල් පිපුණු උයනෙක

නේක පාට මල් මැද හිඳ

ආදරේ පාට කිම්දැයි

සොයා වෙහෙස වී..

පාට සොයා ගනු නොහැකිව

තනිව වැළපෙමි...

සෑම දාම මල් උයනට

ආදරේ සොයා පියඹන

පාට පාට සමනළයෙක්

නෙතට හසු වුණි..

ආදරේ පාට කිම්දැයි

උගෙන් විමසමි...

පාට මල් වඳුළු අතරේ

පාට නැති මලක් හිනැහෙයි

ආදරේ එයයි මා පැතු

කියා පැවසුණී..

පාට නොමැති ආදරයක්

සොයා වෙහෙසෙමි...

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com0tag:blogger.com,1999:blog-3232291193853570551.post-71642496341041483092015-03-06T09:17:00.001-08:002015-03-06T09:21:46.487-08:00~~~~දික්කසාද පෙම්බර වළප~~~~

කුලගෙයි බැඳුම් බිඳිණු නොහැකි

පතිදම් පුරන්න කැපවී

නුඹ හා පෙමින්ම නික්මී ආ
මන්ද්‍රි දේවි මා..

දුක සැප ද එකම ලෙසිනී

විඳ ගන්න දිරිය ලදිමී

නුඹ පෙමට දිවිය කැප කර ආ

මන්ද්‍රි දේවි මා..

දරු සෙනේ පිරුණු ලයෙහි

කකියනා රිදුම් නුඹෙනි

සඟවලා නුඹට දිරි වූ

මන්ද්‍රි දේවි මා..

සරා සසර මගදී

නුඹ ගියා කියා දුක දී

නැති සෙනේ බිඳක් අඩු වී

මන්ද්‍රි දේවි මා..

යළි ඔබේ සෙවනෙ සැනහී

හිනැහෙනා දිනක් සොයමි

ඔබ නමින් පෙම් පුරා වැළපෙන

මන්ද්‍රි දේවි මා

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com0tag:blogger.com,1999:blog-3232291193853570551.post-87656036934439848492015-03-06T08:58:00.003-08:002015-03-06T08:59:20.838-08:00තවම ඔච්චම් මොකද මගෙ හිතත් එක්කලා...කඳුළකට පොඩි ඉඩක්

ඇස් කොනේ රන්දලා

හිනාවක් මග බලයි

නුහුරු නෙත හැංගිලා

පෙර මතක මත හිදන්

හිත යළිත් රිද්දලා

තවම ඔච්චම් මොකද

මගෙ හිතත් එක්කලා...

කවියක්ව ආදරෙන්

හිත පුරා ලියවිලා

උන්නු හැටි අමතකද

සුළැඟිල්ලෙ දැවටිලා

මතක විතරක් මගේ

තනි හිතට පවරලා

දුර ගිහින් මා දමා

ඉනු හැකි ද හිනැහිලා...

මලක් සේ රකින්නෙමි

කියා මට දිවුරලා

සදාකල් මා ඔබෙයි

සවන් මත කොඳුරලා

සපථ කර මා දමා

මගෙන් දුර පියඹලා

හිනාවෙන්නේ කොහොම

මගේ හිත රිදවලා...Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com0tag:blogger.com,1999:blog-3232291193853570551.post-18131688577869438012014-05-30T07:53:00.000-07:002014-05-30T07:53:53.971-07:00

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com2tag:blogger.com,1999:blog-3232291193853570551.post-28967980010779277182014-01-30T10:15:00.002-08:002014-01-30T10:15:57.295-08:00මතක අමතක කරනෙමි ...හුදෙකලා තනි මංසලේ

අයාලේ ගිය ජීවිතේ

ඔහේ සුළඟේ ගසා යාදෙන්

කොහේ හෝ ඈතක් සොයා ...

ඔබේ නෙත් මානෙන් එහා ....

උණු කඳුළු වැස්සේ තෙමි

සුසුමකින් සිත සලිත වී

හදේ ගැඹුරෙම රිදුම් දේවී

මටත් රහසෙන් ඉකි ගැසී

ඔබට පිදු පෙම මිළින වී ....

සුළඟක් ව සිහිලස මට දිදී

සුවඳක් ව දිවියෙම ළඟ හිඳී

දුර ඉන්න සනසමි සිත නිති

ඔබ හින්දා මා විඳී දුක් ඇති

ඒ මතක අමතක කරනෙමි .....

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com1tag:blogger.com,1999:blog-3232291193853570551.post-889265176309247522014-01-30T03:23:00.000-08:002014-01-30T03:23:09.706-08:00සිත ඔබගෙයි ප්‍රියේ ... දැන් ලං වෙමු මෙසේ ...දුක හංගාන ඇස් අස්සේ

හිනැහෙන්න බෑ ..

මේ හිත හඬන බව තාම

ඔබ දන්නේ නෑ ...

උණු කඳුළු බර හිතට

උහුලන්න බෑ ..

මගෙ දුක දන්න ඔබ

ඔහොම දුර ඉන්නේ නෑ ...

මට උණුහුමට සැඟවෙන්න

ඔය පපුතුරේ

ඇයි තව නාවෙ පිසලන්න

කඳුළැල් මගේ

හිත මාගේ ඔබ ගාව

දන්නෑ වගේ

තව දුර ඉන්නේ ඇයි මෙහෙම

ඉවසනු කෙසේ ...

සිත ඔබගෙයි ප්‍රියේ ..

ඇයි දන්නෑ වගේ ...

ලිහිණින් ද මුමුණන්නේ

රෑ මැදියමේ

ඔබ ගැනමයි ඉතින් නොඑද

කඳුලක් ඇසේ

ඔබ ලං වෙන්න දුර ඉන්න

බෑ තව මෙසේ

හෙට හිරු ඒවි ඔබ අහස

වූවොත් මගේ ...

සිත ඔබගෙයි ප්‍රියේ ...

දැන් ලං වෙමු මෙසේ ...

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com1tag:blogger.com,1999:blog-3232291193853570551.post-12775221581312079212014-01-30T03:15:00.002-08:002014-01-30T03:15:17.135-08:00ඔබ එන්න ආදරෙන් මගෙ නොවී මගෙ වෙන්න ......හුස්මකින් හිත නිවා

හදෙහි රිද්මය අසා

ඇහි පිල්ලමක් යටින්

ජිවිතේ කියවන්න ..

ආදරේ විඳ ගන්න ..

පපුතුරෙහි හිස හොවා

ඉන්න මට හිතෙනවා

එකම එක ඇසිල්ලක්

ලෝකයෙම ඇස් වසා .....

උර මඩලේ සුව සොයා

නෙතු පියන් පත් පියා

හද ගැහෙන රාවයෙන්

ගීතයක් මුමුණන්න ..

ආදරේ විඳ ගන්න ..

ඔබ ලඟම දැවටිලා

ඉන්න මට හිතෙනවා

එකම එක ඇසිල්ලක්

උණුහුමට ගුලි වෙලා .....

වැටෙන හැම හුස්මකම

සිහිලසෙන් නැහැවෙන්න ..

ඇස් කෙවෙනි අග ලියු

ආදරේ ඇහිඳින්න ..

ඇඟිලි තුඩු උණුහුමෙන්

මොහොතකට ගුලි වෙන්න ..

ඔබ එන්න ආදරෙන්

මගෙ නොවී මගෙ වෙන්න ......

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com1tag:blogger.com,1999:blog-3232291193853570551.post-10957090501649068502014-01-30T03:12:00.000-08:002014-01-30T03:24:55.359-08:00පරාජිත පෙම් කවක් පබඳිමි ගලා යන කඳුලක් දරන්

දවා .....හදවත පලා ගිය රුදු සලෙළ කුමරෙකු ගේ .........නමින්

මවා ....කුමට ද සිහින මන්දිර හලා හල කඳුලක් ..........බොමින්

නිවා ....සිත තුළ නැගුණු ගින්දර විඩාපත් සිත ......... .සනසමින්

ගෙවා ..ගවු දුර සොයා යනු මැන නවමු වූ අරුතක් ........පෙමින්

සරා ....සිහිනෙක දිවා රැයෙහිම මැව්ව පැතුමන් සුන් .......කරන්

නිරා ....මිස සුව සොයා ගිය පෙම් සිහින අහුරම ගිනි .........අරන්

මරා ....මතකය දවා හළු කර මකා සලකුණු කර ...............තුරන්

පරා ....ජිත පෙම් කවක් පබඳිමි ගලා යන කඳුලක් .............දරන්

අමා .... වක මිස සරා සඳ නෑ මගේ විජිතයෙ ...........දිලෙන්නේ

දමා .... අත්හැර යන්න නොහැකිව මතක සිත ඉකි ......බිඳින්නේ

පමා .... වී ආ වසන්තය නුඹ කඳුළ මට තනි ...............රකින්නේ

සමා .... වුව මැන හිතේ නෑ යළි ආල සිතුවම් .........මැවෙන්නේ

වළා .....යහනෙන් මිදී විත් සඳ අඳුර කළඑළි ...............කරනවා

මලා .....නික තරු වලින් සඳු නැති රෑක ඝනදුර ............මකනවා

ගලා .....ගිය උණු කඳුළු තවමත් මගේ හදවත ............පෙළනවා

හෙලා ...සුසුමක් සිනාසුන මුත් හෙටත් කඳුළක් ........තියෙනවා

තැලී ....පරවුණු මලෙක නෑ කිසිලෙසක සුවඳක් .......දෙවන්නේ

හැලී ....ගිලිහුණු ළපළු මල් පෙති නෑ මලක් යළි ........තනන්නේ

ගැලී ....අඳුරෙම බලා ඉන්නම් ඉරක් නෑ හෙට .......නැගෙන්නේ

දිලී .....ඈතින් සිනාසෙනු මැන නෙලා ගනු බැරි .......කමින්නේ

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com0tag:blogger.com,1999:blog-3232291193853570551.post-51905644234399904712014-01-30T03:07:00.002-08:002014-01-30T03:07:45.136-08:00සියුමැලි හිතක් කැළඹුව තරම් ....එක හාදුවක්

දිගු හීනයක්

සියුමැලි හිතක්

කැළඹුව තරම් ....

හැඩි දැඩි හිතක්

සියුමැලි බවක්

එක මොහොතකින්

පෙන්නුව තරම් ...

හිත මත යළිත්

අළුතෙන් කවක්

දී එක සැනෙන්

හිත ගත් තරම් ...

හරි ආදරෙන්

ඔබ ළඟ යළිත්

ඉන්නයි හිතන්

දුක් වෙන තරම් ....

එක හීනයක්

නෑ... සැබෑවක් වී

එන්න නොහැකිද

ආයෙමත් ...

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com0tag:blogger.com,1999:blog-3232291193853570551.post-5041689317216008182014-01-30T03:01:00.002-08:002014-01-30T03:01:55.198-08:00ඉතින් සමු ගමු නෙතින් ආයෙත් කිසිත් රහසක් නොකියලා ....දහක් ඇස් මැද

රහස් කොඳුරන

ඔබේ ඇස් ළඟ නැවතිලා ..

දුරක් යන්නට

බහක් දෙන්නට

බයේ මගෙ හිත ගොළු වෙලා ...

නිමක් නොවෙනා

පැතුම් කන්දක්

ගෙනත් මා නෙත් රවටලා ..

කිසිත් නොකියා

ඔබත් යාවි ද

අළුත් කඳුලක් තවරලා ....

යළිත් කඳුලක

සියුම් රිදුමක්

දරමි කෙලෙසද තනි වෙලා ..

ඉතින් සමු ගමු

නෙතින් ආයෙත්

කිසිත් රහසක් නොකියලා ....

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com0tag:blogger.com,1999:blog-3232291193853570551.post-34180111414461753392014-01-30T02:58:00.002-08:002014-01-30T02:58:18.528-08:00මගෙ අප්පච්චි ....

සතුටකදිත්

හිනා නොවෙන

දුක හංගන්

බලා හිඳින

මුවින් එකදු වදනක් වත්

නොදොඩා මුනිවතම රකින

නමුත්

දරු පෙමින් සිත යට

දස දහසක් බස් තෙපලන

අපෙ අප්පච්චි

ඉරට වඩා එළිය බෙදන

සඳු වාගේ සිසිල සදන

දිරිය වෙලා ලඟම රැඳෙන

අපෙ අප්පච්චි ..

විසල් අහස ඔබමයි මට

මගෙ අප්පච්චි ....

දහදිය උණු කඳුළු හලපු

රහසින් හැම දුක් උහුලපු

මලක් වගේ අපව හදපු

අපෙ අප්පච්චි...

මුළු ලෝකෙම ඔබමයි මට

මගෙ අප්පච්චි .....

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com0tag:blogger.com,1999:blog-3232291193853570551.post-56432564388655901682014-01-30T02:51:00.000-08:002014-01-30T02:54:02.560-08:00ගීත පද මුමුණනා අම්මා ...

කන්තෝරුවේ හවස

තේ වෙලාවෙ දී දුන්නු

විස්කෝතු දෙක හොරෙන් හංගා

ගෙදර ගෙනවිත් සුරැක

මයෙ පුතේ කාපන්ය

ම'වෙත දුන්නේ මගේ අම්මා ...

බඩ වැටියේ ඇවිදිමින්

සොයා ගෙන විත් ගහල

මගේ කුස පුරවනා තම්බා

අල්ල කා කහට බී

සීනි වැඩිපුර දැමූ

කිරි තේක මට දුන්නු අම්මා ...

කඳුළු කැට දිළිසෙනා

ඇස් වහං කර මගෙන්

මුව මතට සිනහවක් නංවා

රෑට ඉහ අද්දරින්

රෑහි හඬ නොඇසෙන්න

ගීත පද මුමුණනා අම්මා ...

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com0tag:blogger.com,1999:blog-3232291193853570551.post-19084612045784596152014-01-30T02:45:00.002-08:002014-01-30T02:45:58.768-08:00ලෙංගතු හිත හසරැල්ලක දවටලා - එවනු හැකි ද මා ඉන්නම් මග බලාහිමින් ඇවිත් හිතේ ඉඩක් ඉල්ලලා

හොරෙන් වගේ හිත පුරාම රිංගලා

අමුතු හැඟුම් මගේ හිතේ වපුරලා

යන්න එපා දැන් නම් හිත රිදවලා

ගොඩක් කතන්දර බැල්මක සඟවලා

හිනාවකින් නොකියූ බස් අඟවලා

දුරින් බලා ඉන්නේ ඇයි හිනැහිලා

අලුත් කතාවක් ලියමු ද එක් වෙලා

හදේ නැගුණු ආල හැඟුම් කලතලා

ලෙංගතු හිත හසරැල්ලක දවටලා

රැක ගන්නට දිවි තෙක් වෙනතක නොලා

එවනු හැකි ද මා ඉන්නම් මග බලා

Gayani Dikkumburahttp://www.blogger.com/profile/08745530298352081893noreply@blogger.com0